දෙල්ගහවත්ත , ශ්‍රී ජිනවoශාරාම ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල, ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය , යහගුණ කියා දීම මෙන්ම බෞද්ධ සoස්කෘතික ලක්ෂණ ඉදිරියට රැගෙන යන ප්‍රධාන පෙලේ දහම් පාසලකි. දරු දැරියන්ගේ සහජ නිර්මණ කුසලතා වඩා ඔප් නැoවීමට මෑත කාලයේ සද්ධර්මදාන මාධ්‍ය ඒකකය මහත් දායකත්වයක් ලබා දේ. එමෙන්ම දරුදැරියන්ගේ නිසඟ නිර්මණ ශක්තිය ඔප් නැoවීමට හොද තෝතැන්නක් ලෙස එය අපට පෙනී යයි.
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය පූජ්‍යපාද ශ්‍රස්ත්‍රපති අධ්‍යාපනපති දුම්බරගම සුමනවoස ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වය , අනුග්‍රහය හා අධීක්ෂණය නොමදව අපට ලැබීම දරුදැරියන්ගේ නිර්මණකරණයට මහත් රුකුලක් වී ඇත.බොහෝ විට උන්වහන්සේ දහම් පාසලකින් බලාපොරොත්තු වන්නේ පොතේ දැනුමට සීමා වුණු දරුවකු නොව , දැනුම, ආකල්ප හා කුසලතා වලින් සමන්විත චිත්තාවේග හා සමාජීය ක්‍රියාකාරකම් සපිරි නැණ ගුණ බල පිරි පුරවැසියකු සමාජගත කිරීමයි.
ශ්‍රී සද්ධර්මදාන මාධ්‍ය ඒකකය මීට වසර 2කට පමණ පෙර ඒ සදහා අත් පොත් තැබීය. ප්‍රවෘත්ති නිවේදන කටයුතු, “සොබාසර”වැඩසටහන, වසන්ත උදාන වැනි උත්සව ගණනාවක් සoවිධානය කිරීම ඊට ප්‍රබල සක්ශි වේ. ඒ සියලු කටයුතු සoවිධානය කිරීම, මාතෘකාණුකූල කතා පැවැත්වීම, වේදිකාවේ නැටුම් ,ගැයුම්, වැයුම් ඉදිරිපත් කිරීම, ලිපි, රචනා,කවි ,චිත්‍ර ආදී නිර්මණ ඉදිරිපත් කිරීම සිදු වුයේ ප්‍රධානාචාර්‍ය ස්වාමින්වහන්සේ ගේ හා ආචාර්ය මණඩලයේ අනුශාසකත්වය හා අධීක්ෂණය මත සිසු දරුදැරියන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය හා සැලසුම මතය.
2008 වසරේදී ප්‍රධානාචාර්‍ය ස්වාමින්වහන්සේගේ හා ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය මත එවකට සිටි, ශිෂ්‍ය ශිෂ්‍යාවන් “දම්සිසිල ” නමින් සඟරාවක් එළිදක්වා ඉදිරියට පවතාගෙන යමින්, නිර්මණකරණය, ශ්‍රී සද්ධර්මදාන දහම්පාසලට පමනක් සීමා නොකොට ප්‍රදේශයේ අනෙකුත් දහම් පාසල්  රජයේ පාසල්, කරා නිර්මාණකරණය  ව්‍යාප්ත කලා පමනක් නොව ලෝකවාසී සැමට නිර්මණකරණයේ යෙදීමටද අවකාශ සලසා දෙමින් www.damsisila.lk  නමින් වෙබ් පිටුවක් 2008 වසරේදී  ආරම්භ කෙරිණි. එහෙත් කාලයාගේ වැලි තලාවට යට වූ එම ශිෂ්‍ය නිර්මාණ සoග්‍රහය නැවතත් එනම් 2025 වර්ශයේ ජුලි මාසයේ ආරම්භ කරන්නේ 2008 දම්සිසිල කණ්ඩායමේ  දිරිගැන්වීම ,කාලය, ශ්‍රමය, ධනය හා කැපකිරීම පදනම් කරගෙනය.

වර්තමාන  ශිෂ්‍ය පරපුර මෙම දම්සිසිල මුද්‍රිත සගරාවෙන් මෙන්ම දම් සිසිල වෙබ් පිටුවෙන්ද ඉහල ප්‍රතිඵලයක් ගනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

      දම්සිසිල  සඟරාව නැවත ආරම්භ කිරිමේදි හා පවත්වාගෙන යාමේදි අප සමග අත්වැල් බැදගෙන සිටින 2008 දම්සිසිල කණ්ඩායම , වෙළද දැන්වීම් ලබාදෙමින් සුභ ප්‍රාර්ථනා කරන සුභ පතන්නන් මෙන්ම, සඟරාව සදහා නිර්මාණ ලබා දෙන ශ්‍රී සද්ධර්මදාන ධර්ම විද්‍යාලයේ  දරුදැරියන්ට හා අවට දහම් පාසල්හී දරු දැරියන්ට  සේම සද්ධර්මදාන මාධ්‍ය ඒකකයටද අපගේ ප්‍රණාමය පුදකරමු..

” එනු මැනවි.

 අපි අපේ ළමයින් වෙනුවෙන් පෙළ ගැසෙමු”   – ෆීබෙල්

ප්‍රධාන සoස්කාරක ,

2025 දම්සිසිල  සඟරා කමිටුව

දම් සිසිල සගරා කමිටුව‍

වමේ සිට – නෙසදි නිසල්යා, ගගනි ගයත්මා( ප්‍රාථමික අංශ ලිපි භාර ), ඉමාෂා ප්‍රභාෂ්වරී, බක්ති මහීමා, තිනුගි තෙහස්නා,තිලන්යා මිහින්දි, ආකේෂි ලිමන්සා( ජ්‍යෙෂ්ඨ අංශ ලිපි භාර ), සිනදි ආන්‍යා ( ලේකම් )සකිදු සියත්,නෙලිත් නිම්සර,අධීෂ අනුසස්,ජුතිම අබේසිංහ,තිනෙත් අනුහස්

 

ඉදිරි පෙළ
වමේ සිට – කාන්ති වැලිකල ( සගරා කමිටු භාර ජ්‍යෙෂ්ඨ ආචාර්ය ), සමන්ති රත්නායක ( සංස්කාරක ) ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේ,මෙත්මල් පෙරේරා ( සභාපති)
ඉමේෂා මල්ෂානි ( අලෙවි කටයුතු හා සම්බන්ධීකාරක )